vbnvbnvb

සිනමාහල් වල ට නොඑන චිත්‍රපටය


The Match කෙලින්ම නෙට්ෆ්ලික්ස් හි විකාශය කිරීම ට සැරසේ.

.

වෘත්තීය Go ක්‍රීඩකයින් පිළිබඳ කොරියානු චිත්‍රපටයක් වන The Match, සිනමාහල් මඟ හැර කෙලින්ම Netflix වෙත යන බව එහි නිෂ්පාදකයින් පවසයි.

 

මෙම චිත්‍රපටය පදනම් වී ඇත්තේ ජනප්‍රිය Go ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් මත ය. [Cho Hoon-hyun (Lee Byung-hun) සහ ඔහුගේ ප්‍රතිවාදියා Lee Chang-ho (Yoo Ah-in)]

 

"The Sheriff in Town" (2017) නමැති විකට අපරාධ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Kim Hyung-ju, මෙම චිත්‍රපටයේ සුක්කානම ගෙන 2021 අප්‍රේල් මාසයේදී රූගත කිරීම් අවසන් කළේ ය. නමුත්, වසංගතය මධ්‍යයේ එය තිරගත කිරීම ප්‍රමාද විය.

 

Lee බොහෝ ජනප්‍රිය කොරියානු චිත්‍රපටවල මෙන්ම "G.I. Joe" කතා මාලාව වැනි හොලිවුඩ් චිත්‍රපටවල ද රඟපා ඇති අතර Netflix හි සම්මානනීය කතාමාලාව වන "Squid Game" (2021) හි ද රඟපෑවේ ය. 

 

"The Match" යනු ත්‍රාසජනක කතා මාලාවක් වන "Hellbound" (2021) සහ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන "Seoul Vibe" අගෝස්තු මාසයේදී විකාශය වූ පසු යූගේ තුන්වන Netflix ව්‍යාපෘතිය වේ.

Comments