දකුණු කොරියාව සිය නැගෙනහිර දෙසින් පිහිටි ඩොක්ඩෝ දූපත් වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මෙම සතිය මුලදී අඛණ්ඩව හමුදා අභ්‍යාස පැවැත්වීය.
උතුරු කොරියානු මිලිටරි තර්ජන වලට එරෙහිව ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අවශ්‍යතාවය නොතකා පසුගිය සතියේ ජපානය, ඩොක්ඩෝ දූපත් වෙත සිය හිමිකම ප්‍රකාශ කළේ ය. එමනිසා බ්‍රහස්පතින්දා උදෑසන කොරියානු නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බලකායේ පිරිස් ද්විවාර්ෂික අභ්‍යාස පැවැත්වීය.
මෙම අභ්‍යාස, 'නැගෙනහිර මුහුදු ප්‍රදේශ ආරක්ෂණ පුහුණුව' ලෙස හැඳින්වේ. විදේශීය ආක්‍රමණයන් වළක්වා ගැනීමට රටේ මිලිටරි සූදානම සහතික කිරීම මෙය අරමුණු කර ගෙන ඇත.
“මෙය අපගේ භූමියට සහ පුරවැසියන්ගේ දේපළවලට ඇති විය හැකි තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අපගේ හමුදාව සෑම වසරකම සිදුකරන පුහුණුවකි.” සෝල් හි හමුදා නිලධාරියෙක් පැවසීය.
යුද අභ්‍යාස සඳහා යොදවා ඇති හමුදා උපකරණ මොනවාද යන්න විස්තර කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
දකුණු කොරියාව 1986 දී ඩොක්ඩෝ යුධ අභ්‍යාස ආරම්භ කරන ලදී. 2003 වසරේ සිට එය වසරකට දෙවරක් පවත්වන ලදී.
1910-45 ජපානයේ යටත් විජිත පාලනයෙන් නිදහස් වූ දා සිට දකුණු කොරියාව කුඩා පොලිස් භට පිරිසක් සමඟින් ඩොක්ඩෝ පාලනය කර ඇත.