vbnvbnvb

සෙල්ලක්කාර හාදුව


PLAYFUL KISS - දකුණු කොරියානු ටෙලි කතා මාලාව

.
Playful Kiss කියන්නේ 2010 දී MBC නාලිකාවේ විකාශනය වුනු ලස්සන කොරියානු ආදර කතාවක්. මේකේ ප්රධාන චරිතය වෙන Baek Seung-Jo ට ඉන්නේ Boys Over Flowers එකේ Yoon Ji Hoo ට හිටපු Kim Hyun Joong. Oh Ha Ni චරිතය රඟදක්වන්නේ Jung So Min කියන නිලිය.
 
මේ කතාව ගෙතිලා තියෙන්නේ ඉගෙන ගැනීමට අදක්ශ Oh Ha Ni කියන ගැහැනු ළමයා වටා. එයා Seung Jo කියන පිරිමි ලමයට ආදරේ කරන්වා. හැබැයි Baek Seung-Jo කියන්නේ ඉගෙන ගන්න ගොඩක් දක්ශ ඉස්කෝලේ ඉන්න ප්රසිද්ධම පිරිමි ළමයා. එයා Oh Ha Ni වගේ මෝඩ කෙල්ලන්ට පොඩ්ඩක් වත් කැමති නැහැ.
 
දවසක් Oh Ha Ni Seung-Jo ට ආදර ලියුමක් දෙනවා. මේක ගන්න Seung-Jo ඒකේ තියෙන ඔක්කොම අඩුපාඩු ව්යාකරණ
එහෙම හදලා Oh HaNi ට දෙනවා.
 
මේ නිසා ලැජ්ජාවට පත්වන Oh Ha-Ni නිවසට ගියාම හදිසියේම භූමිකම්පාවක් ඇතිවෙනවා. ඒ නිසා එයාලගෙ ගෙදර විනාශ වෙනවා. ඒකෙන් පස්සේ Oh Ha Ni ලට උදව් කරන්නේ එයාගේ තාත්තාගේ හොඳම යාලුවෙක්.
 
හැබැයි ඒ ගෙදරට ගියාම තමා Oh Ha Ni ට තරු පේන්න ගන්නේ. එයාගේ ජීවිතේම වෙනස් වෙන්නේ මේ ගෙදරට ගියාම.
 
JSB
733 Views

Comments