News and Politics
කොරියාවේ මිත්‍යා මත
දකුණු කොරියාවේ මිත්‍යා විශ්වාස ( Superstition in Korea )
කොරියාවේ මිත්‍යා විශ්වාස කොරියානු ශාමනිසම් දක්වා මුල් බැස තිබේ. එය කොරියානු ජිවිතයේ බොහොමයක් පැතිකඩ දක්වා ව්‍යාප්තව ඇත.
1. නම් ලිවීමේදී රතු පාට භාවිතා කිරීම අයහපත කැදවයි. මරණයද කැදවයි. චීනයේ මිත්යාවකට අනුව රතු පාට චීන අධිරාජ්‍යයා නියෝජනය කරයි. ඒ අනුව චීන අධිරාජ්‍යයා ට පමණක් රතු පාටින් තම නම ලිවිය හැකිය.
2. යම් කෙනෙකු සිහිනෙන් ඌරන් දකිනම් එමගින් යහපත කැදවයි. ඌරා ධනවත් බවේ ලක්ෂණයකි.
3. අංක 04 අවාසනාවේ සංකේතයකි. එය අවාසනාව හෝ මරණය කැදවන්නකි.
4. ලිහිණියා වාසනාව කැදවන අතර ධනාත්මක ලකුණකි.
5. කපුටන් කෑගසන විට එය පිටුපස අවාසනාව ලුහුබදින බව සැලකේ.
6. විදුලි පංකා දමා නිදා ගැනීම මරණය කැදවීමක් ලෙස සැලකේ.
7. තෑගි ලෙස සපත්තු දීම රහසේ පලා යාමට හේතුව වේ.
8. කකුල් සෙලවීම පුද්ගලයකුට වාසනාව අහිමි කිරීමකි.
9. එළිපත්තට අඩිය තැබීමද අවාසනාව කැදවිමකි.
10. පුද්ගලයකු රාත්‍රියේ අත් වල හෝ කකුල් වල නියපොතු කැපීම අවාසනාවක් වේ.
11. මුහුදු අබ සුප් කෙනෙකු විභාගයක් පවතින දින ආහාරයට ගැනීම එය අසමත් වීමක් ලෙස සැලකේ. නමුත් එදින සහල් කෙක් ආහාරයට ගැනීම එය සමත් වීමක් ලෙස සැලකේ.
Harshi Chitrangi Perera