ගෙදර ටීවී එක වටේ කොච්චර නම් වයර් තියෙනවා ද? මේ නිසා එය අවට අපිළිවෙළයි වගේ ම දූවිලි, මකුළු දැල් බැඳෙන ප්‍රමාණයත් වැඩි යි. අනාගතයේ දී වයර් නැති ටීවී දකින්නට ලැබෙන බව මෙවර CES එකේදී තහවුරු වුණා.
LG සමාගම නිෂ්පාදනය කළ මේ වයර්ලස් ටීවී එකේ අඟල් 97ක 4K 120Hz තිරයක් තිබෙනවා. “Zero Connect box” නමින් එය සමඟ තවත් බොක්ස් එකක් ලැබෙනවාත
HDMI, USB, ටීවී ඇන්ටෙනා සහ සැටලයිට් ආදී සියල්ල සම්බන්ධ කළ යුත්තේ එයට යි. ඉන්පසු එම බොක්ස් එක හරහා ටීවී එකට රැහැන් රහිත සබඳතාවකින් දත්ත යැවෙනවා.
අවම මීටර් 9ක් දුරින් මේ Zero Connect box එක තැබිය යුතු අතර, එය මත ඇති රවුමක් කරකවා ටීවී එක ඇති දිශාවට එහි ඇන්ටෙනාව යොමු කළ හැකියි. ටීවී එකත්, බොක්ස් එකත් අතර බාධක ඇති වූ විට එනම්, මැදින් යමෙකු ඇවිද යාමක් වැනි අවස්ථාවකදී සිදුවන දත්ත හානිය වළක්වා ගත හැකි ආකාරයටත් එහි ඇල්ගොරිතම සකසා ඇති බවයි LG සමාගම සඳහන් කරන්නේ. Voice recognition තිබෙන නිසා මෙම බොක්ස් එක හරහා ටීවී එක කටහඬින් පාලනය කරන්නත් පුළුවන්.
Thambaru Wijesekara