vbnvbnvb

Xiaoxianchun අධිරාජිනිය


Qianlong අධිරාජ්‍යයාගේ පළමු බිරිඳ වූ Xiaoxianchun අධිරාජිනිය

.
Xiaoxianchun අධිරාජිනිය Qianlong අධිරාජ්යයාගේ පළමු බිරිඳ විය.ඇය 1738 සිට 1748 දී මිය යන තුරුම Qing හි අධිරාජිනිය වූවාය.ගුණවත් තැනැත්තියක් ලෙස විස්තර කරන ලද සහ අධිරාජ්යයාගේ ප්රසාදයට ලක් වූ ඇය, තම යහපත සඳහා මුදල් වියදම් කිරීමට අකමැති වූ අතර කොන්ෆියුසියානු චාරිත්ර සම්බන්ධයෙන් තම රාජකාරිය බැරෑරුම් ලෙස සැලකුවාය.
 
1727 සැප්තැම්බර් 3 වෙනිදා,Fuca ආර්යාව Yongzheng අධිරාජ්යයාගේ සිව්වන පුත්රයා වන Hongli සමඟ විවාහ වූ අතර ඔහුගේ ප්රධාන බිරිඳ බවට පත්විය.පසුව ඇය තහනම් නගරයේ බටහිර කොටසේ සදාකාලික වසන්ත මාලිගයට ගියාය.ඇය 1728 නොවැම්බර් 3 වන දින Hongli ගෙ පළමු දියණිය බිහි කළාය, ඇය 1730 පෙබරවාරි 14 වන දින අකාලයේ මිය යන අතර, 1730 අගෝස්තු 9 වන දින ඔහුගේ දෙවන පුත් Yonglian හට උපත ලබා දුන්නාය.ඔහු 1738 නොවැම්බර් 23 වන දින වසූරිය හේතුවෙන් මිය යන අතර 1731 ජූලි 31 ඇය තම තෙවන දියණිය වන පළමු ශ්රේණියේ Hejing කුමරිට උපත ලබා දුන්නාය.
 
Yongzheng අධිරාජ්යයා 1735 ඔක්තෝබර් 8 වන දින මිය ගිය අතර, Qianlong අධිරාජ්යයා ලෙස සිංහාසනාරූඪ විය. 1738 ජනවාරි 23 දින, නව අධිරාජ්යයාගේ ප්රධාන බිරිඳ ලෙස Fuca ආර්යාව අධිරාජිනිය ලෙස පත් කරන ලදී.
 
එම වසරේම Yonglin මරණය සිදු වූ අතර, අධිරාජිනිය සිත් තැවුලට පත් වූ නමුත් ඇය ශක්තිමත්ව සිටිමින් සිය රාජකාරිය කරගෙන ගියාය.ඇය තවමත් ශෝකයෙන් සිටින බව එක් අයෙකු හැර අන් සියල්ලන්ගෙන් වසන් කිරීමට ඇය සමත් වූවාය, අධිරාජිනියගේ දෑස් බොහෝ විට දුකින් පෙනුණු බව වරක් සඳහන් කළ ඇගේ නැන්දම්මා වන දෝවගර් Chongqing අධිරාජිනියයි.
 
 ඉතිහාසය තුළ, Fuca ආර්යාව ගෞරවනීය සහ ගුණවත් පුද්ගලයෙකු ලෙස විස්තර කෙරේ.ඇය Qianlong අධිරාජ්යයා සහ මාලිගාවේ මිනිසුන් රැකබලා ගත් අතර, අධිරාජිනිය ලෙස ඇයගේ භූමිකාව හොඳින් ඉටු කළාය.ඇය අධිරාජ්යයාගේ ප්රශංසාවට සහ අනුග්රහයට ලක් වූවාය.Fuca ආර්යාව තම යහපත වෙනුවෙන් මුදල් වියදම් කිරීමට අකමැති වූ බවද පැවසේ.ආභරණ පැළඳීම වෙනුවට ඇය කොණ්ඩයේ කෘතිම මල් පැළඳ සිටියාය.අධිරාජ්යයා වරක් ඇයට කතාවක් කීවේ මැංචුවරුන් තමන්ගේම රෙදිවලින් බෑග් සාදා ගැනීමට තරම් දුප්පත් බවත්, ඒ වෙනුවට සරල මුව හම භාවිතා කිරීමට සිදු වූ බවත්ය.ඇය වහාම ඔහුට එකක් සාදා දුන්නාය.ඔහු ත්යාගයෙන් ඉතා සතුටට පත් විය.
 
1746 මැයි 27 වන දින Fuca ආර්යාව අධිරාජයාගේ හත්වන පුත් Yongcong බිහි කළාය.Qianlong අධිරාජ්යයා Yongcong කෙරෙහි බොහෝ බලාපොරොත්තු තබා සිටි අතර ඔහුගේ උපතෙන් ටික කලකට පසු ඔහුව ඔටුන්න හිමි කුමරු ලෙස නම් කළේය. කෙසේ වෙතත්,Yonglin හා සමානව වසූරිය හේතුවෙන් 1748 ජනවාරි 29 වන දින Yongcong ද අකාලයේ මිය ගියේය.Yongcong ගේ මරණය අධිරාජිනිය නැවත වරක් හද කම්පා කරවීමට හේතු විය.ඇය මානසික අවපීඩනයට පත් වූ අතර ඇගේ සෞඛ්යය පිරිහීම නිසා ඇය කෙරෙහි වූ සියලු බලාපොරොත්තු බිඳ වැටුණි.
 
1748 දී, Qianlong ගේ එක් දකුණු සංචාරයක් අතරතුර, ඇය බරපතල ලෙස රෝගාතුර වූ අතර අවසානයේ Yongcong ගෙ මරණයෙන් මාස 3 කට පසු අප්රේල් 8 වන දින මිය ගියාය.අධිරාජිනියගේ අවමංගල්යය අති උත්කර්ෂවත් ලෙස සිදු කරන ලදී. අධිරාජ්යයා දැඩි ලෙස පීඩාවට පත් විය.Fuca ආර්යාව වෙනුවෙන් ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන Yonghuang සහ Yongzhang වැලපෙන්නේ නැති බව ඔහු දැනගත් විට, ඔහු ඔවුන් දෙදෙනාට සිංහාසනයට යාමට ඉඩ නොදෙන බවට නියෝගයක් නිකුත් කළේය.මීට අමතරව, ශෝක කාලය පුරාවටම හිසකෙස් කැපීම තහනම් කර ඇති බැවින් අගෞරවයක් ලෙස සැලකූ උසාවියේ නිලධාරීන්ට දැඩි දඬුවම් හෝ මරණ දඬුවම නියම විය.
 
 
admin_warsha අභීත දියණි
24 Views

Comments