vbnvbnvb

තුර්කියට භූමි කම්පා වැලක්


මියගිය සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවා යයි.

.

තුර්කියේ පැය 24 ක් තුළ සිදු වූ හතරවෙනි භූමි කම්පාව අද(07) උදෑසන වාර්තා වී ඇත.හතරවෙනි භූමි කම්පාව රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයක් ගෙන ඇත.හතරවෙනි භූමි කම්පාව මධ්‍යම තුර්කියේ හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ දක්වා ඊයේ (06) සිට හටගත් භූමි කම්පා හේතුවෙන් සිරියාවේ සහ තුර්කියේ වැසියන් 4400 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබේ.

තුර්කියේ භූමි කම්පා මාලාව ඇති වූ ප්‍රදේශ වල සහ ඒ අසළ ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් 16 දෙනකු සිට ඇති බවත් ඉන් 15 දෙනකු මේ වන විට තුර්කි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වී ඇති බවත් තුර්කි තානාපතිනි හසන්ති දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ 16 වෙනියා කාන්තාවක් බවත් භූමි කම්පාවට ලක්ව කඩ වැටුණු ගොඩනැගිල්ලක ඇය ජීවත්ව ඇති බවත් හසන්ති දිසානායක මහත්මිය පැවසුවාය. ගොඩනැගිල්ල කඩ වැටෙන අවස්ථාවේ ඇය එම ගොඩනැගිල්ලේ සිට නොමැති බවට සැක පළ කරන බවත් ඉස්තාන්බුල් නුවර සිටින ඇයගේ දියණිය හා සම්බන්ධ වුවත් තවමත් එම කාන්තාව සිටින ස්ථානය දැනගැනීමට නොහැකි වී ඇති බවත් දිසානායක මහත්මිය සඳහන් කළාය.සම්බන්ධ කර ගැනීමට නොහැකි වී සිටින කාන්තාවගේ ජංගම දුරකථනයද ඇය සතුව නොමැති බවට අනාවරණය වී ඇතැයි දිසානායක මහත්මිය පැවසුවාය.

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය වෙතොත් හෝ තුර්කියේ සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පහත සඳහන් දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බව දිසානායක මහත්මිය පැවසුවාය.

00903124271032

00905344569498

 

(විමුක්ති එස් රුද්‍රිගු)

Comments