vbnvbnvb

කොරියාවේ කියෝහෝ මිදි


දෙමුහුන් මිදි ප්‍රභේදයක් ලෙසින් සංවර්ධනය කෙරුණු විශාල මිදි ප්‍රෙභ්දය

.

කෘෂි විද්‍යාඥයෙකු වුණු ඔයිනු යසුෂි 1937 වසරේ දී මෙම දෙමුහුන් මිදි ප්‍රභේදයක් ලෙසින් සංවර්ධනය කිරීම ආරම්භ කළා. මෙම මිදි වර්ගයට කියෝහෝ යන නම ලැබුණේ 1946 වසරේ දීයි. ඉන් වසර 11ක් ගතවුණු පසුව එනම් 1957 වසරේ දී කියෝහෝ මිදි ජපානයේ වාණිජ වගාවක් ලෙසින් ආරම්භ වුණා. ඉන් පසුව මෙම මිදි ප්‍රභේදය චීනය, ඇමරිකාව, දකුණු කොරියාව, චිලී යන රටවල්වලට ව්‍යාප්ත වුණා.

ප්‍රමාණයෙන් විශාල කියෝහෝ මිදි වටකුරු හැඩයෙන් යුක්ත යි. ඒවායේ පොත්ත සිනිඳු වන අතර ගෙඩියක් ඇල්ලූ විට තද ගතියක් දැනෙනවා. සාමාන්‍යයෙන් වයලට් දම් පැහැයේ සිට තද දම් පාට දක්වා පැහැය වෙනස් වන මෙම මිදි වර්ගය පරිභෝජනය කිරීමට පෙර එහි පොත්ත ඉවත් කරනවා. ඒ පොත්ත තරමක කහට ගතියකින් යුක්ත නිසා යි. අඩු ආම්ලිකතාවක් සහිත මිදි වර්ගයක් වන කියෝහෝ හි බ්‍රික්ස් අගය 18-20 අතර අගයක් ගන්නවා. එනිසා මෙම මිදි වර්ගය පැණිරස ගතියෙන් වැඩියි.

කොරියානු වැසියන් අතර වඩාත් ජනප්‍රිය මිදි වර්ගයක් වන කියෝහෝ ඔවුන් උත්සව අවස්ථාවන්වල දී බහුලව භාවිත කරනවා. එහි දී අතුරුපස වර්ග සමඟ මිශ්‍ර කිරීමට, බේක් කරන ලද ආහාරවලට එකතු කිරීමට, වයින් සෑදීමට, සාම්ප්‍රදායික කොක්ටේල් වර්ග සෑදීමට, සහ ඇපල්, දොඩම්, රටකජු, ආමන්ඩ්, චීස් වැනි දේවල් සමඟ මුසු කිරීමට කියෝහෝ මිදි යොදාගන්නවා. උත්සව සමයේ දී කොරියන් වැසියන් සිය හිතවතුන් සතුටු කිරීම සඳහා මෙම මිදි පොකුරක් තෑගි කිරීම බහුලවම සිදුකරන දෙයක්.

117 Views

Comments