vbnvbnvb

මකර සර්පයා


කොරියානු මිත්‍යා පුරාවෘත්තගත මකර සර්පයා හෙවත් Imoogi

.
Imoogi යනු සෑම සහස්ර කිහිපයකට වරක් උපත ලබන පුරාවෘත්තීය පැරණි සර්පයෙකි .ඔවුන්ගේ ඉතිහාසය ඉතාමත් පැරණිය. ලෝකය නිර්මාණය වීමට පටන් ගත් විට දැවැන්ත ප්රාග් ඓතිහාසික ජීවීන් පෘථිවියේ සැරිසැරූහ. දැවැන්ත සර්පයන්ගේ පළමු පෙළපත ලෙස සලකන Imoogi දෙවිවරුන් ලෙස ගෞරවයට පාත්ර වූහ .නමුත් ඔවුන් කලාතුරකින් මතු වූ අතර Ryuchi ගුහාවේ ඔවුන්ගේම රාජධානියේ ජීවත් වීමට තෝරා ගත්හ. එහිදී ඔවුන් රාජකීයයන් ලෙස සලකනු ලැබූහ.
 
Imoogi ගේ ස්වභාවය නපුරු ය. ඔවුන්ට විනාශ කිරීමට හා අනුභව කිරීමට ස්වභාවිකව උපන් සහජ බුද්ධියක් ඇත. මෙම පුරාවෘත්ත මෘගයා සමඟ සම්බන්ධ වූ පළමු මිනිසුන් කොට්ටාශය Akuma ය. ශක්තිමත් හා ආරක්ෂක කොරපොතු, ආම්ලික විෂ, ගින්න සහ ජලය යන ගුණාංග සහිත දැවැන්ත සර්පයෙක් වන Imoogi ට ඔවුන්ගේ දත් වලින් පමණක් ඕනෑම මතුපිටක් පහසුවෙන් සිදුරු කළ හැකිය. ඔවුන්ගේ කොරපොතුවලට ඕනෑම යමක් ඉරා දැමිය හැකිය. 
 
 Imoogi සර්පයන් පිළිබඳව නැඟුණු ජන විශ්වාසයන් ඇත. ඔවුන් ශාපයට ලක් වූ මකරුන් හා මකරුන්ට සමාන අං රහිත ජීවීන් වන බවද මතයකි. මකරුන් වීමට නොහැකි වූ සත්ත්ව කොට්ටාශයක් ලෙසද සැලකේ. සමහර ජනප්රවාද පවසන්නේ කොරියානු සූර්ය දේවතාවිය මිනිස් ගැහැණු ළමයින්ගෙන් Imoogi සර්පයන් නිර්මාණය කළ බවයි. ඔවුන් උපදින විට උරහිස මත මකර සංකේතයක් සමඟ උපදී. ගැහැණු ළමයාට වයස අවුරුදු 17 වන විට ඇය Imoogi බවට පත්වන බවද විශ්වාසයකි.
 
 Imoogi පිළිබඳ වන තවත් මතයකට අනුව Imoogi සම්පූර්ණයෙන්ම වැඩුණු මකරෙකු වන Yong බවට පරිවර්තනය වීමට වසර 1000ක් පුහුණු වේ. Imoogi උපත, මරණය සහ නැවත ඉපදීමේ බලය පාලනය කරයි. එසේම Imoogi කෙනෙකු තමා නොදන්නා ගැඹුරු හැඟීම් හා ආත්මයේ අඳුරු පැත්ත දන්නා බව කියනු ලැබේ.
 
 
නිමේෂ්..
120 Views

Comments