News and Politics
උතුරු කොරියාවේ භයානක මිසයිලය
සුනාමියක් ඇති කිරීමේ හැකියාව ඇති න්‍යෂ්ටික අවිය
ජලය යටින් ගොස් සතුරු නාවික යාත්රා වලට පහරදී විනාශ කළ හැකි න්යෂ්ටික බලය සහිත ඩ්රෝනයක් අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කර තිබේ.
එම ඩ්රෝනයට විකිරණශීලී සුනාමියක් ඇති කිරීමේ හැකියාව ඇති බව උතුරු කොරියානු මාධ්ය උපුටා දක්වමින් ජාත්යන්තර පුවත් සේවා වාර්තා කළේය.
එම යුද අභ්යාසයේදී එම ඩ්රෝනය සාගර අභ්යන්තරයේ මීටර් 80-150ක් පමණ යවා පැය 59කට පමණ පසුව එරට නැගෙනහිර වෙරළ ආසන්නයේදී පුපුරුවා හැර තිබුණි.
ඉන් ඇතිවන විකිරණශීලී ජල ප්රවාහය සුනාමියක් වැනිය.
ඒ හේතුවෙන් සතුරු යාත්රා විනාශව යතැයි උතුරු කොරියානු හමුදා බලධාරීන් පවසයි.