Entertainment
මිස්ටර් ක්වීන්
ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු ප්‍රහසන ශානරයේ ඓතිහාසික නාට්‍යය
ජෝසන් යුගයේ 25 වන රජතුමා වන චියොල්ජොං රජුගේ පාලන සමය විදහා දැක්වෙන මෙය, ගැහැණු සොඬෙකු ලෙස හා අසාර්ථක පාලකයෙකු ලෙස ඉතිහාසගත වී ඇති ඔහුගේ ප්රතිරූපය වෙනස් ආකාරයකට දැකීමට ගත් උත්සාහයක් කියලා හඳුන්වන්න පුළුවන්.
මීට සති කිහිපයකට පෙර Mr.Queen නාට්යය Netfilx හරහා මුදාහැරීමත් සමග 2021 වර්ෂයේ මුළ එය විකාශනය වූ සමයේ තරම්ම ප්රභල ජනප්රියත්වයක් ලබා ගනිමින් ලංකාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල් වල Netflix හි අංක 1 ස්ථානයේ සති කීපයක් පුරාවට රැඳී සිටියා.
චියොල්ජොං රජුගේ අග බිසව වන අන්දොං කිම් පාර්ශවයේ කිම් සෝ යොංග් රැජිණ විසින් චියොල්ජොං රජුගේ දුර්වලතා මැඩගෙන ජෝසනයේ සාර්ථක පාලකයෙකු වීමට ඔහුට උදව් කරනු පෙන්වන මෙම නාට්යය සත්ය ඉතිහාසයට වඩා වඩාත් වෙනස් වන්නේ චියොල්ජොං රජු ජෝසනයේ අසාර්ථක හා දුර්වල පාලකයෙකු මෙන්ම ඉතාමත් තරුණ වයසින් මිය ගිය අයෙකු ලෙස ඉතිහාසය පෙන්වා දෙන නිසා.
කොහොම නමුත් මේ Mr.Queen නාට්යය ලාංකික ප්රේක්ෂකයන්ට වඩාත් සමීප වෙන්නේ මෙහි එන සුන්වොන් රැජිණ කියන්නේ අපි දන්න යහපත් මහරජ එහෙමත් නැත්තම් දොං යී බිසවගේ මී මුණුබුරා වුණු ජොංජෝ රජුගේ ලේලිය එහෙමට්ජ් නැත්තම් ඔහුගේ පුත්රයාගේ අග බිසව නිසා.
ඒ වගේම Mr. Queen නාට්ය විකාශනය වීමත් සමග අදටත් කොරියාවේ දේශපාලන බලය තිබෙන අන්දොං කිම් පාර්ශවයේ පුද්ගලයන් විසින් මෙයට විරෝදය පළ කර සිටියා තමන්ගේ පවුළේ ඉතිහාසය වෙනස් කරලා එයට අපහාස කරන බව කියමින්.
නමුත් අදටත් Mr.Queen කියන්නේ ලොව පුරා ප්රහසන හා ඓතිහාසික ශාරනයේ කොරියානු නාට්ය නරඹන බොහෝමයකගේ ප්රියතම කතාවක්. ඒ වගේම මේ කතාවේ එන චරිත වටා ගෙතුණු සත්ය ඉතිහාස කතාව කැමති නම් KWorld Lovers යූ ටියුබ් නාළිකාව හරහා බලන්න පුළුවන්.
ඒ වගේම මේ සත්ය සිදුවීම් වලට වඩා වෙනස් මෙම නාට්යය නිර්මාණය කරලා තියෙන්නේ වෙබ් ටූන් එකකට අනුව.
KWorls Lovers